• JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator

නිතර සිදුවන ස්වභාවික ආපදා සහ සිදුවන ප්‍රදේශ

ආපදා
ජලගැලීම්   නාය යෑම්   වෙනත්  

මධ්‍යස්ථාන
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය   කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රධාන කාර්යාලය   කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය

පුවත් ප්‍රචාරණ

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

ඉන්දියානු රජය ගංවතුරින් පිඩාවිදින ජනතාවට සහන ලබාදේ.

ඉන්දීය  රජයේ තීරණයකට අනුව ශ්‍රි ලංකාවේ ජල ගැලිම් වලින් පීඩා විදින ජනතාව වෙත අධාර ලබා දිමට ඉදිරිපත්වේ. ප්‍රථම භාණ්ඩ තොගය අද දහවල් 12.00ට මෙරටට ලැබිමට නියමිතය. 
මෙම භාණ්ඩ තොගය ශ්‍රි ලංකා රජයට භාරදිමේ නිල උත්සවය ශ්‍රි ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තුමන් හා ආර්ථික සංවර්ධන ගරු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආපදා කළමනාකරන ගරු අමාත්‍ය මහින්ද අමරවිර හා ගරු නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදි අද දින සිදු කරනු ලැබේ. 
 
තව දුරටත් කියවන්න...
 

දිස්ත්‍රික්ක සදහා වැඩි ප්‍රතිපාදන

පොලොන්නරුව, අම්පාර,මාතලේ. මුලතිව්, සහ වවුනියව දිස්ත්‍රික්කවල ගංවතුරින් පිඩා විදින ජනතාවට සහන සැපයිම සදහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය රු.මිලියන 35.42 අතිරේක ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ජනාවාරි 12 වනදා නිකුත් කරන ලදි. එමෙන්ම මඩකලපුව සහ මන්නාරම දිස්ත්‍රික්කයන්හි දැනට ක්‍රියාත්මක සහන ක්‍රියාවලිය වේගවත් කිරිමට පිළිවලින් රු.මිලියන 50 ක සහ රු.මිලියන 4.2 අතිරේක  ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අද දින නිකුත් කරන ලදි. 

 

අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර ආපදා තත්වය

අඛන්ඩව  අම්පාර, අනුරාධපුර, මඩකළපුව, කෑගල්ල, මහනුවර, මාතලේ, මොනරාගල, නුවර එලිය, පොලොන්නරුව, රත්නපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට ලද අධික වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයින් 819,797 පිඩාවට පත් වි ඇත. මරණ 15 ක් වාර්තා වන අතර ඉන් 7ක් මහනුවර ගැටබේ ප්‍රදේශයේ ඇති වු ගල් පෙරලිම නිසා මරණයට පත් වු අය වේ.
මඩකළපුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 482,830ක්, අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 306,998ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 22,026ක් සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 6,388ක් පිඩාවට පත් වි ඇත.නිවාස 843 ක් සම්පූර්නයෙන්ම විනාශ වි ඇති අතර අර්ධ හානි වු නිවාස ගනන 3050ක් වේ.පුද්ගලයින් 86344 ක් තාවකාලික සහන මධ්‍යස්ථාන 203 රදවා ඇත.

 ආපදා කළමනාකරණ අමාත්‍යාංශ රු.මිලියන 9.4 ක් 2011 ජනවාරි මස 10 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සදහා නිකුත් කල අතර තවත් රු. මිලියන 3.4 ක මුදලක් හදිසි ප්‍රතිචාර කටයුතු සදහා නිකුත් කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පොළිසිය මගින් නිකුත් කරන උපදෙස්/ මගපෙන්විම් භාවිතා කරන මෙන් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

තව දුරටත් කියවන්න...
 

ජනාධිපති ගංවතුරෙන් පීඩාවිදින ජනතාව හමු වි සහන බෙදා දේ

විපතට පත් ජනතාවට අවශ්‍ය සහන බෙදාහැරිම පෞද්ගලිකවම නිරික්ෂණය කිරිම සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ ගංවතුරින් හානියට පත් දිස්ත්‍රික්කයන්හි සංචාරයක යෙදින. දිස්ත්‍රික්ක ගනනාවකට හානි පමුණුවමින් මැත කාලිනව හට ගත් දරුණු වැස්සෙන් හා ගංවතුරෙන් ඇති වු විනාශය ජනාධිපතිතුමන්  අදාල ස්ථානයන්හිදිම තක්සේරු කරනු ඇත. මෙම ගංවතුරින් පුද්ගලයින් 900,000 කට පමණ පීඩා ඇති වි ඇති අතර  ඊයේ පැවති හදිසි රැස්විමකදි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වරයා ඇමතු ජනපති, සහනසේවා කටයුතු කඩිනම් කිරිමට අවශ්‍ය සියළු පියවරයන් ගන්නා ලෙසට දැනුම් දුන්නේය.ජනාධිපතිතුමන් හානියට පත් වු සියළු දිස්ක්‍රික්කයන්හි සංචාරයේ යෙදෙමින් සහන කටයුතුවල නිරත නිළධාරින් හමුවන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරන ලදි..  (මූලාශය www.news.lk)

තව දුරටත් කියවන්න...
 


පිටුව 9 / 9

නවතම පුවත්

සිදුවීම් දින දර්ශනය

දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5