• JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
මුල් පිටුව පුවත් පුවත් ප්‍රචාරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා මහතා ආ...

අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා මහතා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වැඩ භාරගන්නා ලදි

 

ආපදා කළමනාකරණ  අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා මහතා සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීම අද දින සුභ මොහොතින් සිදුකරන ලදී. 

සිය අමාත්‍යය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ස්වභාවික ආපදා කළමනාකරණය කිරීම මෙන්ම මිනිසා විසින් සිදුකරන ආපදා පාලනය කිරීම කෙරෙහිත් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී. ආපදාවක් වු විට ක්ෂණික සහන ලබාදීමට වඩා පුර්ව ආපදා කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කිරීම වඩා වැදගත් බවත් ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් වැඩිදුරටත් පැවසීය. 
පෘතුවියේ උෂ්ණත්වය වැඩිවීමත් සමග දුපතක් වශයෙන් අප රටට මුහුණ දීමට තිබෙන ව්‍යසනකාරි තත්ත්වයන් වැඩි වී තිබෙන බවත් ඒ නිසා රටක් වශයෙන් ද ඒ පිළිබදව අවධානය යොමු කරවීමේ අවශ්‍යතාවය සිය අදහස් දැක්වීමේදී ප්‍රකාශ කරන ලදී.
ලොව පුරා ආපදා ව්‍යසන වැඩිවීමේ ප්‍රවනතාවය සහ  ආපදා නිසා සිදුවන අලාභ හානි සීඝ්‍ර  වශයෙන් වැඩිවීමේ ප්‍රවනතාවය මත ආපදා විෂය ලොවපුරා අවධානය යොමු වී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා පරිසර අමාත්‍යවරයා වශ‍යෙන් සිය රාජකාරී ඉටු කිරීම නිසා ලත් අත්දැකීම් ද ආපදා කළමනාකරණ අමාත්‍යාංශ විෂය තුළ කටයුතු කිරීමේ දී වැඩි පරිචයක් ලබා ගැනීමට ඉවහල් වන බව තවදුරටත් පැවසීය.
එසේම නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් තෝරාගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් ගරු ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍යතුමාටද  සිය කෘතවේදීත්වය පලකරන ලදී.
 
 
 

නවතම පුවත්

සිදුවීම් දින දර්ශනය

දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5