• JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
මුල් පිටුව

ගංවතුර

ශ්‍රී ලංකාවට බලපාන ප්‍රධාන ගංවතුර තත්ත්වයන්, මෝසම් වැසි සමයන් හා සෘජුවම බැඳී පවතී. නිරිත දිග මෝසම් තත්ත්වයන් පවතින මැයි - සැප්තැම්බර් කාලය තුළ බස්නාහිර හා සබරගමු පළාත් වලට ගංවතුර තර්ජනයන් ඇති වන අතර ඊසාන දිග මෝසම් තත්ත්වයන් පවතින දෙසැම්බර් - පෙබරවාරි කාලය ඇතුලත නැගෙනහිර උතුරු හා උතුරු මැද පළාත් ගංවතුර තර්ජනයන්ට ලක් වේ.

මෙම කාලසීමාවන් තුළදී කඳුකරයේ බටහිර බෑවුම්වල ඇති ගංගා පිටාර යාම හේතුවෙන් කළු ගඟ හා කැළණි ගඟ ජල මට්ටම් ඉහළ ගොස් ගංවතුර තත්ත්වයන් ඇති වේ.

ගංවතුර තත්ත්වයන් පිළිබඳව දැනුම්දීම් සිදු කිරීමට බලය ලත් ආයතනය වන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි. ගංවතුර තත්ත්වයන් පිළිබඳ තොරතුරු සඳහා පහත සඳහන් පුද්ගලයන් අමතන්න.
අධ්‍යක්ෂ ජනරාල් වාරිමාර්ග දෙපාර්තමේන්තුව (දු.ක. ...........)
නියෝජ්‍ය අධ්‍යක්ෂ (ජල විද්‍යා) වාරිමාර්ග දෙපාර්තමේන්තුව (දු.ක.  ............)

ගංවතුරකට පෙර

  • ඔබගේ නිවාස උස් ස්ථානයක ඉදි කරන්නේ නැතිනම්, ගංවතුර තර්ජනයට ලක්වන ප්‍රදේශයන්හි නිවාස ඉදිකිරීමෙන් වළකින්න.


ගංවතුර තර්ජනය අතරතුර,

  • තොරතුරු දැනගැනීම සඳහා නිරතුරුව ගුවන්විදුලියට සවන් දෙන්න / රූපවාහිනිය නරඹන්න.
  • හදිසි ගංවතුර තත්ත්වයන් පිළිබඳව විමසිලිමත් වන්න. එසේ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වූ විටක උපදෙස් පැමිණෙන තෙක් නොඉඳ හැකි ඉක්මනින් උස් බිමක් කරා යන්න.
  • ගංගා ඇළ දොළ, ජලාප්‍රවාහන මාර්ග, දෝරු ආදී හදිසි ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි ස්ථානයන් පිළිබඳව නිරතුරුව විමසිලිමත් වන්න.
  • ඔබ වෙනත් ස්ථානයක් කරා යාමට අදහස් කරන්නේ නම්,
  • ඔබ ‍නිවස සුරක්ෂිත බව තහවුරු කරන්න. අත්‍යවශ්‍ය  භාණ්ඩ උඩුමහලකට හෝ උස් ස්ථානයකට ගෙන යන්න.
  • ප්‍රධාන විදුලි ස්විච අක්‍රීය කර තබන්න. විදුලි උපකරණ විසන්ධි කරන්න. තෙත් අතකින් හෝ ජලයේ බැස සිටින අවස්ථාවක විදුලි උපකරණ ස්පර්ශ නොකරන්න.

වස හැර දා යාමට සිදුව ඇති අවස්ථාවක‍ මෙම කරුණු හොඳින් සිහි තබා ගන්න.

  • ගලා යන ජලයේ ගමන් නොකරන්න. අඟල් 6 ක් උසැති ගලා යන ජලය ඔබව ගසාගෙන යාමට සමත් බව සිහි තබා ගන්න. ජලය හරහා ගමන් කිරීමට ඇති අවස්ථාවකදී ගලා නොයන ජලය හරහා ගමන් කරන්න. භූමියේ ශක්තිමත් බව පරීක්ෂා කිරීම සඳහා කෝටුවක් / ලීයක් භාවිතා කරන්න.
  • ගංවතුර ඇති ප්‍රදේශ වෙත වාහන ධාවනය නොකරන්න. ඔබගේ ධාවනය අභිබවා ගංවතුර මට්ටම ඉහළ යා නම් වාහනය අතහැර ආරක්ෂිත ස්ථානයක් කරා හැකි ඉක්මනින් ගමන් කරන්න. ගංවතුර තත්ත්වයන් සහිත ප්‍රදේශයන්හි වාහන ධාවනය කිරීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව විමසිලිමත් වන්න.
  • බොහෝ කාර් රථ අඟල් 6 ක් ජලයෙන් යට වූ අවස්ථාවලදී ක්‍රියා විරහිත වී පාලනය කිරිමට අපහසු වෙයි. අඩියක් පමන ජලයට සමහර වාහන ගසාගෙන යාමට හැකියාව ඇති අතර වේගයෙන් ගලා යන අඩි 2 ක් පමණ උසැති ජලයකට පික්අප් රථ ඇතුළු වාහන වර්ග ගණනාවක් ගසාගෙන යා හැකිය.
     

 

 

නවතම පුවත්

සිදුවීම් දින දර්ශනය

දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5