• JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
මුල් පිටුව අප ගැන ආපදා කළමනාකරණ පිළිබඳ ජාතික සභාව

ආපදා කළමනාකරණ ජාතික සභාව

2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත යටතේ ස්ථාපිත කොට ඇති ආපදා කළමනාකරණ ජාතික සභාව ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති ඉහළම ආයතනයයි.

මෙම ජාතික සභාවේ සභාපතිත්වය දරනු ලබන්නේ අතිගරු ජනාධිපතිතුමන් වන අතර, ගරු අග්‍රාමාත්‍යතුමන් එහි උප සභාපතිවරයා වේ. ජාතික සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ ගරු විපක්ෂ නායකතුමා, ආපදා කළමනාකරණ අමාත්‍යතුමා, ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍යතුමා, නැවත පදිංචි කරවීම් හා ආපදා සහන සේවා අමාත්‍යතුමා, සමාජ සේවා හා සමාජ සුභසාධන අමාත්‍යතුමා, පරිසර අමාත්‍යතුමා, ස්වදේශ කටයුතු, සෞඛ්‍ය, විද්‍යා හා තාක්ෂණ, නිවාස, වෙරළ සංරක්ෂණ, වාරිමාර්ග, විදුලිබල, ආරක්ෂක, පොලිසිය, මුදල්, ඉඩම්, ධීවර හා ජලජ සම්පත්, විදේශ කටයුතු, ජල සම්පාදන, මහාමාර්ග, නාගරික සංවර්ධන, කර්මාන්ත හා අධ්‍යාපන විෂයයන් භාර අමාත්‍යවරුන්, සෑම පළාත් සභාවකම ප්‍රධාන අමාත්‍යවරුන්, විපක්ෂනායක තුමාගේ උපදෙස් පරිදි ගරු කථානායකතුමන් විසින් පත් කරනු ලබන විපක්ෂයේ නියෝජිතයන් පස් දෙනෙකු හා සභාවේ ලේකම් යන අයයි.

සභාවේ ලේකම් කාර්යාලය ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ ස්ථාපිත කොට ඇත.

ආපදා කළමනාකරණ ජාතික සභාවේ ව්‍යූහය

 

නවතම පුවත්

සිදුවීම් දින දර්ශනය

ඔක්තෝබර් 2018
බ්‍ර සි සෙ
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3