• JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
මුල් පිටුව ආයතන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ පැරණිතම රාජ්‍ය  දෙපාර්තමේන්තු කිහිපය අතුරින් එකකි. 1948 ඔක්තෝබර් 1 වන දින දෙපාර්තමේන්තුව ස්ථාපිත කළ ද, ශ්‍රී ලංකාවේ කාළගුණ විද්‍යා නිරීක්ෂණ ඉතිහාසය 1850 තරම් ඈතට දිව යයි. 1866 – 1883 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මිණුම්පති ලෙස කටයුතු කළ කර්නල් ෆර්යර්ස් මහතා ක්‍රමානුකූල කාළගුණ විද්‍යා නිරීක්ෂණ ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට මූලික වී කටයුතු කළ අතර දීප ව්‍යාප්ත මට්ටමින් කාළගුණ විද්‍යා මධ්‍යස්ථාන පිහිටුවීමට ද පුරෝගාමී විය. ඔහු විශ්‍රාම යන අවදිය  වන විට වර්ෂාපතනය, උෂ්ණත්වය, සුළඟ හා වළාකුළු පිළිබඳ දත්ත වාර්තා කිරීම සඳහා ප්‍රධාන කාළගුණ විද්‍යා මධ්‍යස්ථාන 14 ක් හා වර්ෂාමාන ස්ථාන 50කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව සතු විය.

1907 වසරේදී බෞද්ධාලෝක මාවතේ කොළඹ ආකාශ වස්තු පරික්ෂණාගාරය ඇරඹීමත් සමග ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා කටයුතු වඩා විද්‍යාත්මක ප්‍රවේශයක් ගන්නා ලදී. කොළඹ ආකාශ වස්තු පරික්ෂණාගාරයේ ප්‍රථම අධිකාරිවරයා වූයේ එවකට සහකාර මිනුම්පති ලෙස කටයුතු කළ එච්. ඕ. බර්නාඩ් මහතා ය.

දෙවන ලෝක සංග්‍රාමයෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය විසින් අරඹන ලද යෝධ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් මෙම පරීක්ෂණාගාරයේ සම්පත් වලට බලපෑම් එල්ල වන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස විද්‍යාත්මක කාර්යමණ්ඩලය පුළුල් කිරීමට මෙන්ම සැලකිය යුතු ව්‍යූහාත්මක වෙනස් කිරීම් ගණනාවක් සිදු කිරීමේ අවශ්‍යතාවය පැනනැගුණු අතර ජනතාවට වඩා ඵලදායී කාලගුණ විද්‍යා සේවාවන් ලබා දීමේ අරමුණ පෙරදැරිව 1948 ඔක්තෝබර් 1 වන දින කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලදී. දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යදක්ෂවරයා වූ ආචාර්ය ඩී. ටී. ඊ. දසනායක මහතා 1958 ජුලි 14 වනදා තෙක් එම තනතුර හෙබවීය.

කාලගුණික විද්‍යා, දේශගුණික විද්‍යා හා සීමාසහිත තාරකා විද්‍යාත්මක සේවා සැපයීම
කාළගුණ විද්‍යාත්මක උවදුරු හා සුනාමි පූර්ව අනතුරු දැනුම්දීමේ සේවාවන් සැපයීම සහ
දේශගුණික විපර්යාසයන් පිළිබඳ තාක්ෂණික ක්‍රියාකාරකම් සඳහා දායකත්වය ලබා දීම.

මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරයන් වේ.

ලිපිනය:   383, බෞද්ධාලෝක මාවත, කොළඹ 07

වෙබ් ලිපිනය:  www.meteo.gov.lk

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූලි 31 වෙනි බදාදා, 04:30  

නවතම පුවත්

සිදුවීම් දින දර්ශනය

දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5