• JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
මුල් පිටුව ආයතන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

2005 මැයි මස 13 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2005 අංක 14 දරන  ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පහත ප්‍රකාර ආපදා කළමනාකරණ ජාතික සභාව යටතේ ආපදා කළමනාකරණ ම්ධ්‍යස්ථානය ස්ථාපිත කොට ඇත. මේ වන විට ආපදා කළමනාකරණ ම්ධ්‍යස්ථානය ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය යටතේ, අමාත්‍යාංශ, රේඛීය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, පළාත් සභා, පළාත් පාලන පරිපාලනය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරී කාර්යාල සමග සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වේ.

පහත දැක්වෙන ඉලක්කයන්ට ළඟා වීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මුඛ්‍ය කාර්යභාරය වේ.

නිසි ආපදා කළමනාකරණ තීරණ පහසු කරවනු පිණිස යෝග්‍ය ක්‍රමවේදයන් භාවිතා කරමින් උපද්‍රව හා අවදානම් පිළිබඳ තොරතුරු ලබා දීම.
අනාගතයේදී ඇතිවීමට ඉඩකඩ ඇති පීඩාවන් අවම කිරීම සඳහා ක්‍රමෝපායයන් සැලසුම් කොට ක්‍රියාවට නැංවීම.
නිවැරදි පූර්ව අනාවැකි තොරතුරු රැස් කිරීම හා ඒවා කාර්යක්ෂම ලෙස බෙදා හැරීම.
ආපදාවන්ට ඉක්මනින් හා සාර්ථක ලෙස මුහුණදීම සඳහා අවශ්‍ය ධාරිතා ගොඩනැගීම.
ක්ෂණික හා කාර්යක්ෂම හදිසි අවස්ථා මෙහෙයුම් කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම.
පශ්චාත් ආපදා ක්‍රියාකාරකම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම හා
ආපදාවන්ට මුහුණ දීමට හා ඉන් අනතුරුව නැවත ගොඩනැගීමට ජනතාව තුළ ඇති ශක්තිය වර්ධනය කිරීම සඳහා ප්‍රජා දැනුවත්කිරීම් කටයුතු සිදු කිරීම.

රටේ සමස්ත ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල අමාත්‍යාශ, දෙපාර්තමේන්තු, ආයතන, පළාත් පාලන ආයතන, ග්‍රාම නිලධාරී කොට්ඨාශ, ආරක්ෂක හමුදා, පොලීසිය මෙන්ම දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සමග සමීපව කටයුතු කරනු ලබයි.

මධ්‍යස්ථානයේ පුළුල් විෂයයපථය තුළ පහත සඳහන් දේ සම්බන්ධයෙන් නියෝග හා මාර්ගෝපදේශයන් නිකුත් කිරීම, පහසුකම් සැපයීම, සම්බන්ධීකරණය, අධීක්ෂණය මෙන්ම අවශ්‍ය අවස්ථාවන්හිදී සෘජුවම ක්‍රියාත්මක කිරීම ද ඇතුලත් වේ:

ආපදා අවදානම් තක්සේරු කිරීම, දත්ත එක්රැස් කිරීම, පර්යේෂණ හා විශ්ලේෂණ.
ආපදා කළමනාකරණ තාක්ෂණය, අවම  කිරීම හා ආපදා අවදානම් අවම කිරීම.
පූර්ව අනාවැකි පල කිරීම හා පූර්ව අනතුරු ඇඟවීම් සිදු කිරීම.
ආපදා අවස්ථාවකදී හදිසි අවස්ථා මෙහෙයුම් කටයුතු.
සූදානම්වීම් සැලසුම් (ජාතික, දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාම නිලධාරී මට්ටමින්)
පුහුණු, අධ්‍යාපන හා මහජන දැනුවත් කිරීම්.
ජාතික ආපදා කළමනාකරණ සැලසුම හා ජාතික හදිසි අවස්ථා මෙහෙයුම් සැලසුම සකස් කිරීම හා ක්‍රියාවට නැංවීම.
උවදුරු සිතියම්කරණය, අවදානම් තක්සේරු කිරීම, ආපදා අවම කිරීම, ආපදා සඳහා පෙර සූදානම, හදිසි අවස්ථා මෙහෙයුම් කළමනාකරණය හා පශ්චාත් ආපදා ක්‍රියාකාරකම් සම්බන්ධ කටයුතු ක්‍රියාවට නැංවීම සම්බන්ධීකරණය හා අධීක්ෂණය.
ස්වාභාවික උපද්‍රව සම්බන්ධ පූර්ව අනාවැකි නිකුත් කිරීම හා නිසි වේලාවට එම තොරතුරු උපද්‍රව වලට ලක්විය හැකි ජනතාව වෙත ලබාදීම සඳහා අදාල තාක්ෂණික ආයතන සමග සම්බන්ධ වී කටයුතු කිරීම.
ආපදා අවස්ථාවකදී හදිසි ප්‍රතිචාර, සහන හා නැවත යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම හා පහසු කිරීම.

 

ලිපිනය:- විද්‍යා මාවත, කොළඹ 07
දු.ක.:- +94-11- 2136136 ෆැක්ස්:- +94-11-2670079
http://www.dmc.gov.lk/

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 22 වෙනි අඟහරුවාදා, 07:23  

නවතම පුවත්

සිදුවීම් දින දර්ශනය

දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5